(UPDATE) අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ ශ්රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා ලබන 01 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා 2014.01.22 දින පියාසර කිරීමට නියමිතව තිබූ UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.
මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු 2014.01.26 වැනි දින UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.
කටුනායක 18 කණුව ක්රීඩාංගණයේ 2014.12.19 වන දින පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්රකාශ ලබා ගැනීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් නිශාන්ත වික්රමසිංහ මහතා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. නි ශාන්ත වික්රමසිංහ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයෙක් වෙයි.