නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කෙරේ
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.
එම නඩුව අද ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විරෝධය පළ කළේ නැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

