එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයන්ගේ ද සහාය ඇතිව නිවිතිගල ප්රදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 23 කින් සම්මත විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණට නිවිතිගල ප්රාදේශීය සභාවේ බලය හිමිව ඇත. සභාපති කුලතුංග ලියනගේ මහතාගේ ප්රධානත්වයෙන් සිකුරාදා (22දා) පැවති රැස්වීමේ දී අයවැය මෙසේ සම්මත විය.
සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාව විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ සභිත පියසේන පොල්වත්ත මහතා ස්ථිර කළේය. ඒ අනුව පාලක ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 14 ක් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ 07ක් හා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනාද අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණේ එකම සභික ආර්.ඒ.වසන්ත මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.