නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා තවදුරටත් ස්ථාපිත වෙමින් පවතින බැවින් නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර,දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශවලත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
