නිරත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් ඒ අනුව අද (03දා) රාත්‍රියේ විශේෂයෙන් දිවයිනේ නිරත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව. මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බවත් අද පස්වරුවේ ඔවුන් නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වෙයි.
එසේම නැගෙනහිර හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවට මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
05දා පෙරවරු 8.30 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
