නියඟය මැද්දේ මාතලේ මුරුංගා වගාකරුවෝ ගොඩයති
මාතලේ දිස්ත්රික්කයට බලපා ඇති නියං තත්ත්වය හමුවේ මුරුංගා වගාවන් සාර්ථක වී ඇතැයි ගොවීහු පවසති.
ප්රාදේශිය ලේකම් කොට්ඨාස රැසක වගාකර ඇති දෙමුහුන් වර්ගයේ මුරුංගා වගාවන්හි ඵලදාව වැඩිවීමට පවතින දැඩි අවුරශ්මිය බලපා තිබේ.
ප්රාදේශිය ලේකම් කොට්ඨාස රැසක වගාකර ඇති දෙමුහුන් මුරුංගා විශේෂය වැඩි උසකට නොවැඩීම මෙන්ම වැඩි ඵලදාවක් පැවතීම හේතුවෙන් මෙවර මාතලේ දිස්ත්රික්කයේ මුරුංගා වගාවන්හි වැඩි පලදාවක් අපේක්ෂා කළ හැකි බව ගොවීහු පවසති.
නාඋල - ඉන්දික අරුණ කුමාර


-
Champa Monday, 24 September 2018 05:15 PM
හරිම සතුටුයි. මුරුංග වලින් විතරක් පවුලකට ගොඩ එන්න පුළුවන්. මුළු ගහම හරියට කප් රුකක් වගේ. පොඩ්ඩක් ඉන්නකෝ මේ ආණ්ඩුව වෙනස් වෙනකම්. කරන්න දේවල් ගොඩක් තියෙනව. දිගටම වගා කරන්න. අප්රිකාවේ හුඟක් පවුල් මුරුංග වගාවෙන් ජීවත් වෙනවා. මුරුංග කොළ වලට පුළුවන් ඕනේ සැරක් බාල කරන්න. අපිට පොඩි කාලේ ඉස්සෝ කිරට උයල දෙනකොට මුරුංග කොළ දානවා සැර අඩු වෙන්න කියල. ඒ ඇරුනහම ඒකෙන් රසකුත් හොඳ සුවඳකුත් එනවා.
Reply : 1 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
