නියඟයෙන් පීඩා විඳි වව්නියාවේ ජනතාවට වියළි සලාක
2018 වසරේ මුල් මාස කිහිපය පුරාවට පැවති දැඩි නියඟය හේතුවෙන් පීඩා විඳි වව්නියාවේ පවුල් 21,460කට වියළි සලාක අද (05) දින වව්නියාව දිසාපති අයි.එම්.හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදා දීම සිදු විය.
වව්නියාව නෙළුකුලම් සමූපාකාර මධ්‍යස්ථානයේදී නියඟය හේතුවෙන් පීඩා විඳි වව්නියාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් වැසියන් වෙනුවෙන් මෙසේ වියළි සලාක ලබා දීම සිදු විය.
නියඟය හේතුවෙන් පීඩා විඳි ජනතාවට වියළිසලාක ලබා නොදුන් බවට පසුගිය කාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතට විවිධ වූ පැමිණිලි ලැබී තිබුණු අතර එයට විසඳුමක් වශයෙන් මෙසේ අද දින නියඟයෙන් පීඩා විඳි සියලුම වැසියන් වෙනුවෙන් වියළි සලාක ලබා දීම සිදු කෙරුණි.
මේ අනුව වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10,525 දෙනෙකුටත්, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්765 කටත්, වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1810 කට හා වෙන්ගල සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6361 කටත් මෙසේ වව්නියාව දිසාපති අයි.එම්.හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් නියං ආධාර ලබා දීම සිදු විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
