නිපුණතාවයෙන් යුතුව හෙට ලොව ජයගැනීමට අවශ්‍ය සෑම පහසුකමක්ම දෙනවා - ජනපති
තවමත් ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවූ මෙරට පුරාණ තාක්ෂණික ශිල්පීය ක්‍රම සහ දැනුම ආරක්ෂා කර ගනිමින් හෙට දවසේ ද නිපුණතාවයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ම ඔවුන්ට ලබා දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ලෝක තරුණ නිපුණතා දින සැමරුම් උත්සවය අමතමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලාංකික ජාතිය සතු වූ විශිෂ්ට කුසලතාවයන් ඔප් නංවමින්, ජාතියේ අනාගතය වෙනුවෙන් තරඟකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් සමඟ සියලූදෙනාගේ කැපවීම අත්‍යාවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද තරුණ නිපුණතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලූම රටවල් ජූලි 15 වන දින සමරනු ලැබීය.
“නිපුණතාව මඟින් සාර්ථක ජීවිතයක්” යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ එය සැමරෙන අතර ඒ හා සමගාමීව තරුණ තරුණියන්ගේ වෘත්තීය සහ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්ත ව සංවිධානය කර තිබිණි.
වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ, රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
kapila Thursday, 18 July 2019 08:27 AM
කටට එනදේ නොකිය කරලා පෙන්නුවානම් තමයි හොඳ. දැන් අවුරුදු හතර හමාරක්ම ගියානේ.
Reply : 0 0
ලසන්ත Thursday, 18 July 2019 11:15 AM
රැස්වීම්වල කිව්වට අවශ්‍ය කෙනාට තොරතුරු නොලැබෙන්නේ නම් වැඩක් සිදුනොවේ.එනිසා අ.පො.ස (සා.පෙළ) හා උසස් පෙළ පංතිවලට ලබාදෙන පොත්වල පිටුකීපයක දැන්වීමක් යෙදුවොත් හෝ අදාල පංතියේ සුදුසුකම් වලට ගැලපෙන සේ පාඨමාලා දැක්වෙන සේ සකස්කල කුඩා පොත් පිංචක් ලබාදීම මගින් දරුවන් දැනුවත් කරන්නේ නම් වඩාත් වැඩදායී ලෙසට කටයුතුකල හැකිවේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

