නැති වි ගිය බලය ගන්න ජාතිවාදය වැපිරිම පිළිකුල් සහගතයි - අකිල
කිසියම් ජාතියක් අන්තවාදීව කටයුතු කළොත් ඒ ජාතිය විනාශයට පත්වන බවත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක පොදුවේ සියල්ලන්ට භුක්ති විඳින්නට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් ජාතිවාදය, ආගම්වාදය සහ වර්ගවාදය වපුරමින් තමන්ට නැති වී ගිය දේශපාලන බලය ලබාගැනීමට උත්සාහ දරන බවත්, එම පිළිකුල්සහගත තත්ත්වය හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අවස්ථාවේ සියලු ජනතාව ඉතා බුද්ධිමත් ව කටයුතු කළ යුතු බවත්, රටක් වශයෙන් ඉදිරියට යාමට නම් ජාති, ආගම්, වර්ග වශයෙන් බෙදී යාම් නතර කොට සාමූහික ව කටයුතු කළ යුතු බවත්, අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයන් බෙදාහදාගෙන සමගියෙන් ජීවත් වූ ජාතියක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 23. 78ක වියදමින් කුරුණෑගල සහිරා ආදර්ශ මහා විද්‍යාලයේ දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

popular news
-
Champa Wednesday, 19 June 2019 09:37 AM
කාටද ඔය කියන්නේ? අන්තවාදී බෙදුම්වාදී දෙමල මුස්ලිම් දේශපාලකයන්ගේ කර පිටින් බලයට ඇවිල්ල කාටද ඔය කියන්නේ? අනිවාර්යයෙන්ම ඊලඟ චන්ද දෙකේදී සිංහලයෝ තමන්ගේ බලය පෙන්වනවා. කේවල් දේශපාලනයට ජනතාව තිත තියනව.
Reply : 0 0
J.Somaratne Wednesday, 19 June 2019 04:03 PM
Thiyana Balaya Tiyaganna Jathiwadaya wapuranne Nubalai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

