නැගෙනහිර මුස්ලිම් පාසල්වලට අද හා හෙට නිවාඩු
- 27 11 2024
- 18:52
- {{hitsCtrl.values.hits}} views
- ..
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ අනුමැතිය පරිදි මෙම දෙදෙන නිවාඩුව ලබා දුන් බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම් .ඩබ්.ජි. දිසානායක මහතා පැවසීය .
ලබන සඳුදා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් ආරම්භ කිරීමට නියමිත බව කී අධ්‍යාපන ලේකම්වරයා නිවාඩුව ලබා දුන් දින දෙක හිලව් කිරීම සඳහා එම දින කවදාද යන්න ඉදිරියේදී නිවේදනය කරන බව කීහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
