නැකතට පැලයක් නැකත හෙට
2023 සිංහල හා දෙමළ අලුත් අවූරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට (20) යෙදී තිබේ.
හෙට දින පෙරවරු 6.38ට යෙදෙන පැළ සිටුවීමේ නැකත තුළ ඵලයක් දෙන බහුවාර්ෂික බෝග පැළයක් රෝපණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය රටවැසි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නැකතට පැළයක් - ඵලයක් දෙන පැළයක් සිටුවමු තේමාව යටතේ මෙවර පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සියලු කටයුතු යොදා තිබේ.
මෙහි ප්‍රධාන උත්සවය හෙට දින (20) පෙරවරු 6.38ට අඟුනකොළපැලැස්සගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම ඊට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලුම දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි හා මණ්ඩල හා ඒවායේ ප්‍රාදේශීය කාර්යාලවල ද පැළ සිටුවීමේ චාරිත්‍රය නැකතට ඉටු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
මේ සම්බන්ධව අදහස් පළ කරන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතර අවසන් චාරිත්‍රය වන මෙම නැකත තුළ රටේ ආහාර නිෂ්පාදනයට හේතු වන මෙන්ම පරිසර හිතකාමී බහුවාර්ෂික බෝගයක් රෝපණය කිරීම සියලුම රාජ්‍ය ආයතනවල හා පුද්ගලික ආයතනවල ද සිදු කරන ලෙස ඉල්ලීමක් කරයි.
අදාල නැකැත් වේලාව තුළ පැළයක් රෝපණය කිරීමට නොහැකි වුවත් හෙට (20) දිනය තුළ කුමන අවස්ථාවක දී හෝ පැළයක් රෝපණය කර මෙම රුක්රෝපණ ජාතික මෙහෙවරට දායකත්වය ලබා දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටී.

popular news
-
HOHO Wednesday, 14 June 2023 09:00 AM
Rila Haththa. Nugath Moda Gon Gan Kabara Gamayo witharak noweyi Api Town wala kiyala maha ujaruwen kiyana town moda wahelage gon kam.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

