එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන් හි නාවික සහ වෙරළාරක්ෂක බලකා නිලධාරීන් හට විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු ආරම්භකර තිබේ.
ත්රිකුණාමළය සහ මිරිස්ස මූලික කරගනිමින් සිදු කරන මෙම විශේෂ පුහුණුව යටතේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය විසින් ත්රිකුණාමළයේදීත්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මිරිස්ස පුහුණු මධ්‍යස්ථානයේදීත් ඔවුනට මෙම පුහුණුව ලබාදේ.