නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්රදේශයේ පොළව ගිලා බැසිමේ අවදානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත් වන ලෙස ප්රදේශයේ ග්රාමසේවා නිලධාරිවරයා විසින් (30) දින දැනුම් දි ඇත.
නාවලපිටිය කැටබුලාව ප්රධාන මාර්ගය යාබදව පිහිටි තෙලිස්සාගල හුණුගල් ඔය ගම්මානයට කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එහි අවතැන් වු පවුල් 300 පමණ ගෙනවිත් පදිංචි කර ඇති අතර තේ කර්මාන්තය ජිවනෝපාය කරගත් එම ගම්වාසින් පවසන්නේ මිට දින කිහිපයක සිට තම නිවැස් වලට පහළින් කුඩා වලක් ඇති වු බවත්, එම වල මේ වන විට දිනෙන් දින ක්රමක්රමයෙන් ගැඹුරට ප්රසාරණය වන බවත් , පදිංචි නිවාස බිත්ති ඉරිතලා පුපුරා ඇති බවද ගම්වාසිහු පවසති.
එම වලට යාබදවම තේ වත්තේ ස්ථාන කිහිපයකින් එක් වරම ජලය කාන්දු විමක්ද සිදු වන බවත්, පවත්නා තත්ත්වය මත තම නිවාස වල පදිංචිව සිටිමට නොහැකි නිසා ප්රදේශයේ ග්රාමසේවා නිලධාරිවරයාව දැනුවත් කර ග්රාමසේවා නිලධාරිවරයාගේ උපදෙස් පදිරි තමන් රාත්රි කාලයේදි පමණක් නිවාස වලින් බැහැරව ඥාතීන්ගේ නිවාස වල සිටින බවයි.
තෙලිස්සාගල හුණුගල්ඔය ගම්මානය ගිලා බැසිම සම්බන්ධයෙන් අප කොත්මලේ ප්රාදේශීය ලේකම් සුරංගි පෙරේරා මහත්මියගෙන් අප කල විමසුමකට ඇය පවසා සිටියේ එම ගම්මානයේ ස්ථානයක් ගිලා බැසිම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දිමක් සිදු කර ඇති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරික්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන තෙක් තාවකාලිකව නිවාස පහක පදිංචි කරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබා දි ඇති බවයි.

