නාලක සිල්වා අත්අඩංගුවට නොගන්නේ ඝාතනය කරන්නද?
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට නොගැනීම පසුපස ඔහු ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකදැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කියන්නේ තවත් එක් මිනීමැරීමේ උත්සාහයක් නොවේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් පිළිබඳ ආරංචි වුණු වහාම සිද්ධ කරන පළමු දේ තමයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම.
ලංකාවේ විතරක් නොවේ. ලෝකය පුරාම තත්වය ඒකයි. නමුත් මේ ලෝක දහම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට පමණක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
නාලක සිල්වා කට ඇරියොත් තව කී දෙනෙකු අත්අඩංගුවට ගන්න වේවි ද දන්නේ නෑ. ඒ නිසා මෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි. නාලක සිල්වාගේ දේහය වල දාන කොට එයා දැන ගෙන සිටි රහස් සියල්ලත් සදහටම වැලලෙනවා. නාලක සිල්වා අත්අඩංගුවට නොගන්නේ ඔහු මරා දැමීමට ද යන සාධාරණ සැකය අපට දැන් තිබෙනවා.”

popular news
-
Champa Monday, 01 October 2018 03:39 PM
මේ ඝාතන කතාවේ තියෙන කැපිල පේනම දේ තමයි දවසින් දවස කොටස් එකතු වීම සහ පූර්ව නිගමන වලට එළඹීම. තිරපිටපතක් තිබෙන කතාවල හැටි එහෙම තමයි. ඔන්න බලන්න. 1. අනාගතේ යම් ඝාතනයක් වුනොත් ඒක කලේ රනිල් කියල දෙන්න හදන පූර්ව නිගමනය. 2. කතාවට බරක් දෙන්න බර නම් තියෙන ආයුධ අතුරුදහන් වූ කතාව. 3. හරියටම මෛත්‍රී UN යන්න සතියකට වගේ කලින් ජනාධිපති ඝාතන කතාවක් ඇදිල ඒම සහ ඒකට ගෝඨාභය ඝාතනයකුත් ඈඳීම - උවමනාව වුනේ ජාත්‍යන්තර සහ දේශීයව ලොකු කැළඹීමක් වුනත් එහෙම වුනේ නැහැ. 3. ඒ හින්ද අලුත් නළුවෙක් සහ අලුත් "නැඟල යන කොටසක්" එකතු කිරීම හෙවත් ඉන්දියන්කාරය සහ මහින්ද ඝාතන කතා වස්තුව. 4. නාලක සිල්වා commando training ඉල්ලපු කතාව. 5. දැන් නාලක සිල්වා ඝාතන කතාව. 6. නාලක සිල්වාගේ කාමරේට සීල් තැබීම. තව මොනවාද? හැබැයි තාම කතාව කොටස් වශයෙන් කියන නාමල් කුමාර ගැන හොයන්නේ නැහැ. නාලක සිල්වා එක්ක කරපු කතා record කර කර තිරපිටපතක් හදාගෙන තිබුනේ නැත්නම් මුලින්ම වෙන්නේ මොකක්ද? ඇත්තටම ඝාතන සැකයක් තියෙන මිනිහෙක් නම් කරන්නේ තමන් සතු සාක්ෂි ටික ඔක්කොම එකපාර CID එකට දීල වැඩේ පොලිසියට බාරදීල පැත්තකට වෙන එක. මේක කොටස් වශයෙන් යන මෙගා ටෙලි නාට්ටියක්.
Reply : 0 1
Champa Monday, 01 October 2018 04:36 PM
පැහැදිලිවම මේ වගේ කතාවක් තිරේට ඇවිල්ල වහන්න හදන දෙයක් තියෙනව. මට හිතෙන්නේ නම් හිටපු ජනාධිපතිතුමාට ජීවිත අනතුරක් තියෙනව කියන එක. ඒ මොකොද කිව්වා නම් ලංකා දේශපාලනය උඩු යටිකුරු වෙන්න පුළුවන් එකම අවස්ථාව ඒක නිසා. අනිත් කාට මොනවා වුනත් මිනිස්සු කම්පා වෙයි නමුත් ලංකා දේශපාලනයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් හිටපු ජනාධිපතිතුමාට කිසි අනතුරක් වෙන්නේ නැහැ. අපේ ආශීර්වාදයත් රටේ මිනිස්සුන්ගේ ආදරෙත් අරගෙන එතුමා කවදා හරි විශ්‍රාම යන්නේ රාජ්‍ය නායකයෙක් විදිහට ඉඳලා ඉතාම ගෞරවනීය විදියට. ඒ කියන්නේ නිසැකවම බොහෝ කාලයක් රාජ්‍ය නායකයෙක් විදිහට ඉන්නවා.. ඒත් ඊට පස්සෙත් එතුමාට විශ්‍රාම යන්න මිනිස්සු ඉඩ දෙන එකක් නැහැ. ඊළඟ ජනාධිපති, ඊටත් පස්සේ ජනාධිපති සහ ඊටත් පස්සේ ජනාධිපති කවුරු වුනත් එතුමාව දිගටම අගමැති තනතුරේ තියා ගන්නවා කියන විශ්වාසයක් මට තියෙනව.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

