වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් අද (18දා) උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මීට අමතරව හෙට (19 දා) දිනයේදී නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බවටද වාර්තාවේ. ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට ක්‍රමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අද (18දා) මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුවිය.