නොවැම්බර් 16 දා පැවැත්විමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර දෙන ඔක්තෝබර් 07 දා දිනයේදී රජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ආසන්නයේ දැඩි ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
ඒ අනුව ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1200ක්, රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500ක් මේ අනුව සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඊට අමරතව මැතිවරණ කොමිෂන් සභාව ආසන්නයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යොදවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
