නාමලුත් හෝම් ස්විට් හෝම් ගන්න යයි
මේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති "හෝම් ස්විට් හෝම්" ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (7) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය විවාදයේදී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් සිටින අතරතුර එතුමාට ප්‍රශ්නයක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
හෝම් ස්වීට් හෝම් ණය මුදලේ වාරිකය කොපමණක් වනු ඇතිදැයි එහිදී නාමල් මන්ත්‍රීවරයා විමසීය. එහීදී නාමල් මන්ත්‍රීවරයා සහ නිරොෂන් පෙරේරා අමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇති විය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - හෝම් ස්විට් හෝම් ණය මුදල මේ අවුරැද්දේ මාත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මාසික වාරිකය දැනගන්න පුළුවන්ද?
ඇමති නිරෝෂන් පෙරේරා - පොලිය 6% යි. වසර 25 කින් ගෙවන්න තියෙන්නේ.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මම ඇහුවේ වාරිකය කීයද කියලා
ඇමති නිරෝෂන් පෙරේරා - වාරිකය කීයද කියල මට කියන්න බැහැ. ඔබතුමා ගන්න මුදල අනුව ගාණ හදලා බලන්න. ඔයාට ඇපවෙන්න තාත්තා ඉන්නවානේ බය වෙන්නෙ එපා යැයි සඳහන් කළේය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - තරැණයෙකුට ගෙයක් හදන්න ණය මුදලක් දෙන එන හොඳයි. නමුත් ඒක ගන්න අඩුම ගානේ ලක්ෂයකට වැඩි පඩියක් තියෙන්න ඕන. මාසෙකට රැපියල් 64 ,000 ගාණේ ගෙවන්න වෙනවා. ඒකේ පොලිය 6% යි කියලා කියනවා. එතකොට අනිත් ඉතුරු පොලිය ගෙවන්නේ කොහොමද . ජනතාවගේ බදුමුදලින් තමයි එකත් ගෙවන්න වෙන්නේ.

popular news
-
chathuri Thursday, 07 March 2019 06:48 PM
ඇයි ඩේසි ආච්චිගේ. මැණික් පතල ගිලා බැහැලද දෙහිවලින් ගෙවල් ගන්නකොට දොර ලග. මැණික් මලු ටිකක්. ඇද යටට. ඔලුව. දමල. බැලුවොත් කුඩු බැග් එකක්වත් හොයාගන්න. පුළුවන්. වෙයි , වාරිකය ගැන. කතා. කරන්න. කලින් තමන් බලාපොරොත්තු. වෙන මුදල. කියන්න. , ඒ ගැන දන්නේ නැත්තේ. හොරා කාවා මිසක් මිලියන. ගණන්. නයට. අරන් පුරුදු නැතිනිසා. එකම. මන්ත්‍රී. සුරසැප. විදින. උගත්කමත්. හොරට. ගත්ත වතු පිටිත් හොරට , මුන් කොහොමද. දන්නේ වාරිකය ගැන
Reply : 0 34
ranjith Friday, 08 March 2019 04:38 AM
මුනට කොහොම හරි නෙවත බලේ ගන්න පමණි Onekama අර්න්දුව හොද වෙඩක් කරත් පෙන්නේ නේ ජනතාව මුල කරනවා
Reply : 0 0
Nandana Friday, 08 March 2019 05:01 PM
ඒ නය දෙන්නේ අලුතින් බදිනා ජෝඩු වලට .නපුර්සක උන්ට දෙන්නේ නැහැ අනික හොරකමකට අසුවෙලා තිබුනොත් කොහොමත් නැහැ.
Reply : 0 0
casmir Friday, 08 March 2019 08:04 PM
මේ මෝඩ පුතාට අය වය ගැන කියන්ඩ දෙයක් ඇත්තෙම නැද්ද .....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

