නව ව්‍යවස්ථාවෙන් ඇමති සංඛ්‍යාව ගලෙන් කෙටිය යුතුයි
නව ව්‍යවස්ථාව තුළ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 'ගලෙන් කෙටිය යුතු'යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
සිරිකොතදී අද (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කර සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් පාර්ලිමේන්තුවට ඇති වටිනාකමද නැතිවී යන බවයි.
ඒ අනුව වර්ෂ 2020දී ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කැපවන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

popular news
-
Deepal Nirosh Thursday, 23 August 2018 09:04 AM
විධායක ජනාධිපති ක්‍රමය නිසා පාර්ලිමේන්තු වැදගත්කම අඩු වුණා වෙන්න පුළුවන්. ඒ වුණාට මේ රට මේ තරමින් හෝ ස්ථාවරව පවතින්නෙ
Reply : 0 0
Deepal Nirosh Thursday, 23 August 2018 09:07 AM
විධායක ජනාධිපති ක්‍රමය නිසා පාර්ලිමේනතු වැදගත්කම අඩුවුණා වෙන්න පුළුවන්. ඒ වුණාට මේ රට මෙපමණකින් හෝ ස්ථාවරව පවතින්නෙ විධායක ජනාධිපති ක්‍රමය නිසා කියල දැනෙන්නෙ නැද්ද? වඩා වැදගත් පාර්ලිමේනතුව ද? රාජ්‍ය ස්ථාවරත්වය ද?
Reply : 0 1
Champa Friday, 24 August 2018 01:30 AM
Theory විතරයි දන්නේ. ප්‍රායෝගික දැනුම බින්දුවයි. 10 පන්තියේ කොල්ලෙක්ගෙන් ඇහුව නම් කියයි විධායක ජනාධිපති ධූරය ලංකාවට වැදගත් මොකොද කියලා. මුදලටයි තාන්න මාන්න වලටයි ඇමතිකම්, චන්ද සහ තනතුරු විකිනෙන පාර්ලිමේන්තුවකට බලය ලැබුනොත් සල්ලි වීසි කරලා ඕනේ දේශීය හෝ විදේශීය ඕනේ තක්කඩියෙකුට පුළුවන් රටේ නායකයා කවුද කියලා තීරණය කරන්න. පාර්ලිමේන්තුවේ තමන්ට ඕනේ විදියේ පනත් සම්මත කරගන්න. අන්තෙටම දෝෂිත මේ වගේ ආණ්ඩුවක් තිබිලත්, ලංකා දේශපාලනයේ සමබරතාවය සහ ස්වාධීනත්වය රැඳිලා තියෙන්නේ විධායක ජනාධිපති ධූරය තිබුන නිසා සහ තියෙන නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

