COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබෙන අවස්ථාවක සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබපතන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියළුදෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න තානාපති කාර්යායේ අපේක්ෂාව බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල්වී කටයුතු කිරීමට තානාපති කාර්යාලය බලාපොරොත්තු වන බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.