නව කොවිඩ් ප්‍රභේදය පවතින එන්නත්වලින් පාලනය වේවිලු
මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 හි නව ප්‍රභේදයට දැනට පවතින එන්නත්ම ඵලදායී වනු ඇති බව එක්සත් ජනපද එන්නත් බෙදාහැරීමේ වැඩසටහන වන ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් ප්‍රධානී මොන්සෙෆ් ස්ලූයි පවසයි.
"මම හිතන්නේ නැහැ, එන්නතට ප්‍රතිරෝධී වන තනි ප්‍රභේදයක් මේ දක්වා ඇති බව" ස්ලූයි පැවසීය. "අපට එවැනි තත්ත්වයක් බැහැර කළ නොහැකි වුණත්, දැනට එවැනි ගැටලුවක් ඇතිවී නැහැ."
කෝවිඩ් -19 වෛරසය වෙනස්වීම්වලට ගොදුරු විය හැකි වුවත්, එන්නතක් නිෂ්පාදනයට සම්බන්ධ ස්පයික් ප්‍රෝටීන් වැනි වෛරසයේ තීරණාත්මක අංගයන් කොවිඩ්-19 සඳහා ඉතා සුවිශේෂී වන බැවින්, එය බොහෝවිට විකෘති වීමක් සිදු නොවන බව ඔහු පැවසීය.
"එන්නත් මගින් ස්පයික් ප්‍රෝටීනවල විවිධ කොටස්වලට එරෙහිව ප්‍රතිදේහ භාවිත කරන බැවින්, ඒවා සියල්ලම වෙනස්වීමේ සම්භාවිතාව අඩු යැයි මා විශ්වාස කරනවා" ස්ලූයි වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

