වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හා ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (12)දා බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්රයන් ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ සඳහා ඇමෙරිකාව තුළ තිබෙන තත්ත්වය හා ඒ සඳහා ඇමෙරිකානු වෙළඳපළ තුළ ඇති ඉඩකඩ පිළිබඳව සාකච්ඡාවට ලක් කළ අතර, දෙරට තේ කර්මාන්තයේ අපනයන තත්ත්වයන් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
තව ද ශ්‍රී ලංකාවේ ඊ ලෑන්ඩ් රෙජිස්ටේෂන් වැඩසටහනට ( E Land Registration ) හා මාර්ග සංවර්ධනය ආදී යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකාවට පස් අවුරුදු ව්‍යාපෘතියකට ප්‍රදානයක් ලෙස මුල්‍ය පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බව තානාපතිනිය පැවසූ අතර එහිදී නුවරඑළිය, මාතලේ හා ඌව පළාත් මාර්ග සංවර්ධනය සඳහා වැඩි වශයෙන් මුල්‍යාධාර ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටියේය.
එමෙන්ම ඇමෙරිකානු තානාපතිනිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය පිළිබඳව ද සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ මාර්ගවල ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියකට අරමුදල් ලබා දීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යවරයා විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමෙරිකානු විශ්වවිද්‍යාල වලින් එරට තාක්ෂණික දැනුම අපට ලබා ගැනීමට අධ්‍යයනයට අවස්ථාවක් ලබා දෙන මෙන් ද ඉල්ලීමක් කළහ.
මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත් මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගී විය.
