නලින් බණ්ඩාරගේ ප්‍රකාශයට අකිලගෙන් පිළිතුරු
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා විසින් කළ ප්‍රකාශයට එජාපයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊට මෙලෙස පිළිතුරු දි තිබුණා.
එම නිවේදනය පහත පරිදි වේ.
“සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධව අපගේ බලවත් අවධානය යොමු වී ඇත.
ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන් විසින් බාර දී තිබුණේ වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යාලයටය. එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස හඳුන්වා දී තිබුණේ තිස්ස අත්තනායක මහතාය.
එකී මෙහෙයුම් කාර්යාලය විසින් සිරිකොත මූලස්ථානය වෙත පවරන ලද සියළු කාර්යයන් ඉතා සාර්ථක අන්දමින් ඉටු කර දී ඇත. ඊට අමතරව එම මෙහෙයුම් කාර්යාලය විසින් පක්ෂයෙන් ඉල්ලා සිටි සියළු සහයෝගය ද, සිරිකොත කාර්යාලය මගින් සිදුකළ අනෙකුත් සියළු කාර්යයන් ද අපි උපරිම ලෙසින් ලබා දුන්නෙමු.
මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් එකතු කිරීමේ වගකීම බාර ගෙන තිබුණේ ද වොක්ෂෝල් වීදිය මෙහෙයුම් කාර්යාලය විසිනි. ඒ නිසා අරමුදල්වල අනිසි භාවිතයක් වී නම් ඒ පිළිබඳ විමසා බැලිය යුත්තේ එම කාර්යාලය වෙතිනි.
මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ සමාලෝචන රැස්වීම් වාර ගණනාවක් නායකත්ව මට්ටමේ සිට පහළ මට්ටමේ නිලධාරීන් අතර නිතිපතා පැවැත්වුණු අතර, ඒ කිසිදු රැස්වීමක දී මෙවැනි චෝදනාවන් කිසිවෙකු විසින් එල්ල නොකළ බව ද මෙහිලා අවධාරණය කරමි”.
2019.11.20

popular news
-
lanka siriwardena Wednesday, 20 November 2019 05:18 PM
අකිල මහත්මයා ඔබේ කතාව හරි සියයට සියයක්ම. තිස්ස කලේම මැතිවරණ පරාජය කිරීමයි.අන්තිමේදී රාජපක්ෂලාට අත්සන් ගහලම යන්න ගියෝඕ.කවුද ඕකව කිට්ටු කරගත්තේ.දැන් හරි....අකිල ඔබ හ්‍රී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

