සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන මාකඳුරේ මදූෂ්ගේ හා අතුරුගිරියේ ලඩියාගේ ගෝලයන් බව පැවැසෙන සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාග පදිංචි ශමිල දේශප්‍රිය, නලින් ගුණරත්න නොහොත් නරියා, රංජන ප්‍රේමලාල් නොහොත් ෆැන්ටා යන අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ආර්.ඒ. අසිත (බණ්ඩා) නැමැති අයගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තයේ තිබී ගිනි අවි දෙකක් හා පතොරොම් 7ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඊයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 12 දා තෙක් රැඳවුම් නියෝග ලබාගෙන ඇත.