නිරෝධායන වූ අය හමුදා සේවය අගයා චිත්‍ර අඳිති
සාර්ථක අයුරින් දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු අවසන් කළ හයවන කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකිකයින් 77 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (29) දා උදැසන මඩකලපුව පූනානි සහ වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත් කල බව නැගෙනහිර ආරක්ෂක සේනාංකයේ උසස් හමුදා නිලධාරියෙකු කිවේය.
යුද හමුදාවේ විශේෂ බස් රථයකින් සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් හමුදා ආරක්ෂව මැද ගම්බිම් බලා පිටව ගිය ඔවුන් ගාල්ල, මාතර, කොළඹ යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකු සඳහන් කළේය.
ඒ අනුව පූනානි නිරෝධායන මුලස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් 49 දෙනෙකුද, ගල්කන්ද නිරෝධායන කදවුරෙන් 28 දෙනෙකුද නිවෙස් වෙත ගිය ඔවුහු ඉතාලිය, දකුණු කොරියාව සහ ප්‍රංශය යන රටවල් වලින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවද හෙතම පැවසීය.
නිරෝධායනයට ලක් වු කාලය තුළ ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් විසින් යුද හමුදාව සිදුකල මෙහෙවර හා සේවාවන් කවි, නිසැදැස් හා සිතුවම්වලට නංවා ඔවුන් රැඳි සිටි කාමරවල බිත්ති මත අලවා තිබෙන අයුරුද දක්නට ලැබිණි.
මනම්පිටිය නිමල් ජයරත්න







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

