නකල්ස් අධිසංවේදී කලාපයේ වනවගාවකට එ.ජා සංවිධානයේ අතහිත
නකල්ස් අධිරක්ෂිත කලාපයේ හිස් භූමි ආවරණය වන පරිදි හෙක්ටයාර් හයදහස් පන්සීයක නැවත වන වගා සිදුකිරිමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය හිමිවි තිබේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සුළු මුල්‍යාධාර වැඩසටහන යටතේ ව්‍යාපෘති 13ක් නකල්ස් කලාපය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.
පාංශු සංරක්ෂණය, නැවත වනවගා ඇති කිරිම හා නකල්ස් කලාපයේ ජල මූලාශ්‍ර සංරක්ෂණය ඒ අතර ප්‍රධාන තැනක් ගනියි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු මූල්‍යාධාර වැඩසටහනේ ජාතික සංවිධායිකා දිනාලි ජයසිංහ මහත්මිය කියාසිටියේ නකල්ස් වන වැස්ම ආරක්ෂා කිරිම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි.
නකල්ස් කලාපයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරිම සදහා මහනුවර පැවති වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදි අදහස් දැක්වු රාජ්‍ය නොවන සංවිධාන රැසක් කියා සිටියේ වනවගා ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.
ඇතැම් ව්‍යාපෘති වසර අවසානයේ වර්ෂා සමයත් සමඟ ක්‍රියාත්මක වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

