ධීවර ක්ෂේත්රයට රොබෝ තාක්ෂණික ගබඩාවක්
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය සඳහා ලබන දෙසැම්බරයේ රොබෝ තාක්ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග නෝවේ සංචාරයකට එක්ව සිටින අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්ෂණය කළේය.
එලිමන්ට් ලොජික්ස් (Element Logics) හා ටික්රි (TIQRI) තාක්ෂණික සමාගම්වල මෙහෙයවීමෙන් මෙම රොබෝ තාක්ෂණික කාර්යයන් සැලසුම් කොට ක්‍රියාත්මක වන අතර, මේ ඔස්සේ ඉතා කඩිනම් හා කාර්යක්ෂම ලෙසින් ගබඩාගත කිරීමට මෙන්ම, ඒවා යළි ඇසුරුම් කර නැව්ගත කිරීමට ද හැකියාව ලැබී ඇත.
ඇඟළුම්, වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන්, එළවලු හා පළතුරු ද මේ ආකාරයෙන් ගබඩා කිරීමටත්, ඇසුරුම් කිරීමටත් හැකියාව ඇති බව මෙහිදී අනාවරණය විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

