ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්
ධීවර ක්ෂේත්රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27දා) අදාළ අංශ උපදෙස් ලබාදී ඇත.
අග්‍රාමාත්‍යවරයා හා ධීවර කර්මාන්තයේ දැනට පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා උතුරු නැගෙනහිර ධීවර සංවිධාන, බහුදින යාත්‍රා ධීවර සංවිධාන, කුඩා ධීවර කර්මාන්ත සංවිධාන ඇතුළු සියලු ධීවර සංවිධාන වල නියෝජිතයින් අතර හමුවකදී අග්‍රාමාතවරයා මෙම උපදෙස් ලබාදී ඇත.
ධීවර බෝට්ටු නිෂ්පාදනය සඳහා අවශ්‍ය “ෆයිබර්” ඇතුළු අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී රජයේ ආනයන බදු අඩු කර දෙන ලෙස ධීවර කාර්මිකයින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
දැනට ධීවර සංස්ථාව සතු ශීතාගාර ඉක්මණින් නවීකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට උපදෙස් දී ඇති අතර ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට සහ අයිස් මිල පාලනයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදෙන ලදී.
එමෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ජීවිතාරක්ෂාවවෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් සහ මවු නෞකා දෙකක් ලබා දීමටත්, ජීවිතාරක්ෂක පහුරු ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.
popular news
-
sg Tuesday, 27 November 2018 11:13 PM
සාගර විශ්වවිද්‍යාලය දියුණු කලයුතුය
Reply : 0 0
nishan Wednesday, 28 November 2018 04:49 AM
බදු ගෙවන ධීවරයො ගැන මේ ඇහුවමයි :)
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

