ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකරන එකම ආගම බුද්ධ ධර්මයයි වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 200ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මහනුවර ශ්‍රී නාථ දේවාලය බැතිමතුන්ගේ පුද සත්කාරය සඳහා නැවත විවෘත කළ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මේ ශිෂ්ටාචාරයේ බුද්ධ ධර්මය බලවත්ව ගමන් කරන අවස්ථාවේදී ලෝකයේ උසම ගොඩනැගිලි, රුවන්වැලි සෑය, අභයගිරිය තිබුණේ මේ රටේ. අද ඩුබායි රටට ගියහම, තායිවානයට ගියහම, චීනයට ගියහම, ඇමරිකා එක්සත් ජනපදයට ගියහම තමයි ලෝකයේ උසම ගොඩනැගිලි දැකගන්න තිබෙන්නේ.
නමුත් වසර 2,000කට පෙර මේ ලෝකයේ උසම ගොඩනැගිලි තිබුණේ, ලෝකයේ විශාලතම වාරි කර්මාන්ත තිබුණේ අපේ රටේ. ඒවගේම නිශ්චිත භාෂාවක් අපි ගොඩගනගා ගත්තේ මේ රට තුළ. සමහරු අහනවා සිංහලයින්ගේ තිබෙන විශේෂත්වය මොකද්ද කියලා. මේ අන්‍ය ජාතිකයනුත් ඉන්නවනේ කියලා. ඒ සියලු ජනතාවට පුරවැසියන් හැටිය සමාන අයිතීන් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවෙත් ලියලා තිබෙනවා. අපේ හදවතෙත් ලියලා තිබෙනවා. මේ සමාජයේ පිළිඅරගෙන තිබෙනවා. ඕනෙම භාෂාවක් කතා කරන ඕනෙම අයෙකුට තැනක පදිංචි වෙන්න, ඕනෙ තැනක නීත්‍යානුකූලව රැකියාවක් කරන්න, අධ්‍යාපනය ලබන්න,සෞඛ්‍ය ලබන්න, ඡන්දය පාවිච්චි කරන්න, දේශපාලන බලය ලබාගන්න, සංවිධානය වෙන්න ඒ සෑම ජන කණ්ඩායමකටම අයිතිය තිබෙනවා.
හැබැයි මේ රට තුළින් බිහි වූ එකම බස සිංහල බස පමණයි. අන්‍ය භාෂාවන් එකක්වත් මේ රට තුළින් බිහි වූ ඒවා නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ බස අද ලෝකයේ තිබෙන භාෂා 6,000 ක ආසන්න ප්‍රමාණයෙන් අක්ෂර විඤ්ඤාණය පැත්තෙන් ගත්තහම පැරණිම බස.
ඒ වගේම කිසියම් රටක, අඛණ්ඩව එක දිගට වසර 3,000ක් කතා කරගෙන ආපු එකම බසත් සිංහල බස පමණයි මේ භාෂා 6,000 න්. ඒ නිසා මේ බස සුවිශේෂයි. මේ බස අපේ ශිෂ්ටාචාරයයි. මේ බස තමයි අපේ ශිෂ්ඨ සම්පන්නභාවයේ බලගතු ලකුණ. ලෝකයේ බලගතු ජාතීන් යැයි කියන විශාල රටවල්, චීනය, ජපානය මේ හැම රටේම අකුරක් තිබෙනවා වචනයකට.
අපේ බෞද්ධයෝ, බෞද්ධ ධර්මය, මේ රට තුළ ලේඛන ගත කරලා ලෝකයට ලබා දුන්නේ අපි. ඒ නිසා ලෝකය ලබාදීපු ප්‍රධාන දායාදය ථේරවාදී බුදු දහම. ඒ වගේම ඒ බෞද්ධ දර්ශනයත් සමඟ ගොඩනැගිච්ච අවිහිංසාවාදය. අපගේ ගාථා පාඨ දාහත්දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා කිසිම තැනක අන් අයට, අන් සත්වයින්ට අන් ගහකොළටවත් හිංසා කරන්නෙයි කියලා කියන්න පුළුවන් එකම අකුරක්වත්, වචනයක්වත් හොයා ගන්න නැහැ.
නමුත් අද ලෝකයේ ආගමික ගැටුම් ඇතිවෙලා තිබෙන්නේ මොකද? විවිධ ආගමික ග්‍රන්ථවල තිබෙනවා, අන්‍ය ආගමිකයින්ව මරන්න, වෛර කරන්න, විනාශ කරන්න කියලා. මෙවැනි දෙයක් නැති එකම ධර්මයත්, ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකළ එකම ආගම බුද්ධ ධර්මය අදහන අපි විතරයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ බුදුදහම ආරක්ෂා කරන්න ඕනේ. ඒ මත ගොඩනැගිච්ච ජල තාක්ෂණය, ඒ වගේම වාස්තු විද්‍යා තාක්ෂණය ආරක්ෂා කිරීම අපගේ වගකීම" යැයි ඔහු පැවසීය.
කෂිනි හපුආරච්චි
