ධර්මද්වීපයක් කරනවානම් සජිත් - මස් කඩයක් කරනාවනම් ගෝඨා
නොවැම්බර 16 වන දා ජනතාව ගත යුතු තීරණය වන්නේ මුළු රටම ධර්මද්වීපයක් කරීමට සජිත් ප්‍රේමදාස මහතා පත් කරගන්නවා ද, නැතිනම් හැම නිවසක්ම මස් මඩුවක් හා මස් කඩයක් කරන බවට ප්‍රතිඥා දී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ගන්නවා ද යන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඊයේ (12 දා) අනුරාධපුර සහ කුලියාපිටියේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළි අමතමින් ඔහු හේ බව පැවැසීය.
“බුදු දහම පෝෂණය කිරීම වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් සිදු කළා. ඒ අනුව ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කළා. ත්‍රිපිඨකය ජාතික උරුමයක් බවට පත් කළා. මහා සංඝ රත්නය වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරම්භ කළා. එපමණක් නොව, බුද්ධ සාසන, සංස්කෘතික සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ මගින් බෞද්ධ සිද්ධස්ථානවල දියුණුව සඳහා රුපියල් මිලියන 4000 ක් පමණ පසුගිය කාලයේ වැය කළා. බුදු දහම ආරක්ෂා කිරීම සඳහා තවත් වැඩ සටහන් විශාල ප්‍රමාණයක් අප ක්‍රියාත්මක කළා.
නමුත් ගෝඨාභය රාජපක්ෂ බුදු දහම වෙනුවෙන් සිදු කර තිබෙන සේවය කුමක්ද කියා අප දැන ගැනීමට කැමතියි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අංක 44 යටතේ ඒ ගැන පැහැදිලි කර තිබෙනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම නිවසක්ම මස් කඩයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියත්, ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටියත් මස් කඩ සංස්කෘතියෙන් ඈත් වී නෑ.”

popular news
-
Champa Wednesday, 13 November 2019 06:32 PM
චැක්, කරපු හොඳම හරිය කියල නැහැනේ. හැයි මතක නැත්ද, ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කිව්වා, රට අනාගාමික කරන්න හැදුව, ව්‍යවස්ථාවෙන් බුදු දහමට දීල තියෙන තැන නැති කරන්න හැදුව, පන්සල්වල හිටපු අලි ටික බලෙන් අරන් ගියා, හාමුදුරුවරු හිරේ දැම්ම, මහා සංඝ රත්නයට මැරයන්, කුලී කාරයන්, බිස්නස්කාරයන්, කුලී හේවායන් කියල නින්දා අපහාස කළා, මුස්ලිම් සිංහල ගැටුම් ඇති කරලා ඒව බෞද්ධයන් පිට පැටෙව්වා, විහාර දේවාලගම් පනත ගෙනැල්ල නිකාය භේදයක් ඇති කරන්න හැදුව, කුඩා පන්සල් ලොකු පන්සල් එක්ක තරහ කරන්න හැදුව, බෞද්ධයන් සහ මහා සංඝ රත්නය අතර තියෙන ඓතිහාසික බැඳීම කඩන්න හැදුව, 2018, 2019 අවුරුදු දෙකේම වෙසක් උත්සවය කඩාකප්පල් කළා, වෙසක් දිනය වෙනස් කළා, තොරණ, වෙසක් කූඩු තහනම් කළා, පන්සලේ පින් කැටෙටත් තට්ටු කරන්න හැදුව, අනුරාධපුරේ පුද භූමියෙන් මෙහාට තියෙන ඉඩම් විකුණන්න සහ ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලිසෑයට වන්දනාමාන කරන එක නවත්තන්න ඒ දෙක වට කරලා අලි වැටක් හෙවත් අධි ආරක්ෂිත වැටක් ගහන්න හැදුව, අන්තිමට ඇමරිකන් MCC ගිවිසුම හරහා පන්සල් වලට අයිති ඉඩම් මුඩුබිම් කියල වර්ග කරලා නොරටුන්ට විකුණන්න හැදුව.
Reply : 0 0
Bandu. Thursday, 14 November 2019 03:37 PM
89 මතකද ඔයත් මස් කඩයක් කලා නේද සපුහස්තන්න පැත්තේ, දම් අපිට කරපු හරිය වැඩිත් එක්ක සජිට්ක් මහත්තය කරගැනී, ඔය එයාලටකරගන්න ඉඅද දීල දැන් ගෙදර යන්න තවත් ජනතාව ඉදිරියේ බිකන් පච වෙන්නේ නැතුව.
Reply : 0 0
Champa Thursday, 14 November 2019 04:57 PM
මේ 44 කියන්නේ මොකක්ද කියල හොයා ගන්න බැරුව හිටියේ. Holy cow man , ගෝඨාභය පොරොන්දු වෙලා තියෙනවා ගෘහස්ත මට්ටමින් මස් විකුනන්න ඉඩ දෙන්න හරියටම වහල් ආණ්ඩුව ගෘහස්ත මට්ටමින් අරක්කු ව්කුනන්න ඉඩ දෙනවා කිව්වා වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

