දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතා දඹුල්ල රෝහලේ සේවය කරන කාලයේ ඔහු ලවා සිදු කරවාගත් සිසේරියන් සැත්කම් හරහා දරුවන් බිහිකොට නැවත පිළිසිඳ ගැනීමක් නොවූ බව සහ සැත්කමෙන් පසු විවිධ සංකුලතා ඇති වූ බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට හා දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි ගණන 733ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අදාළ වෛද්‍යවරයාට එරෙහිව දඹුල්ල මූලික රෝහලට හා දඹුල්ල පොලීසියට කරන ලද පැමිණිලි 105 දක්වා ඉහළ ගොස් ඇතැයි දඹුල්ල රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ගාමිණී සේනානායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට අද (05දා) දිනය වනවිට කාන්තාවන් ඉදිරිපත් කර තිබූ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 628ක් වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය ප්‍රකාශ කළේය.
එස්.කරුණාරත්න / ගීතාංජලී ප්‍රියදර්ශනී
