දේශයට වැදගත් ඩයලොග් ආයතනය නොර්වේට අයිතිවීම වළක්වන්නැයි විමල් ජනපතිගෙන් ඉල්ලයි
නෝර්වේජියානු සමාගමක් වන ටෙල්නෝ සමාගම මැලේසියාවේ ආසියාටා සමාගම අත්පත් කර ගැනීම මගින් ලංකාවට පැමිණීමට උත්සාහ කරන බව ක්ෂේත්රයේ විද්වතුන්ගේ මතය වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කරන්නේ මේ හරහා මැලේසියාවේ ආසියාටා සමාගමට 88%ක කොටස් හිමි ශ්‍රී ලංකාවේ ඩයලොග් සමාගම අත්පත් කර ගැනීමට කටයුතු කරනු ඇති බවයි.
එමගින් නෝවිජියානු ඔත්තු සේවයන්ට ලංකාවේ තොරතුරු රැස්කර ගැනීමට ඉඩක් ඇති බවත් ඔහු ජනපතිට යොමුකළ ලිපියේ දැක්වෙයි.
දේශයට වටිනා සමාගමක් වශයෙන් මෙන්ම ආයතනයක අයිතිය වෙනස්වීම වෙනස්වීම මගින් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන හෙයින් නෝර්වේ සැලසුම ව්‍යවර්ථ කරන ලෙසත් ඔහු ජනපතිගෙන් ඉල්ලා සිටියි.



popular news
-
sirisena Wednesday, 05 June 2019 02:33 PM
විමල් නොහොත් විදේශ බිතිකා ගෙන් සිරිසේන ජනදිපති තුමාට තවත් ආදර හසුනක්.
Reply : 83 15
Champa Wednesday, 05 June 2019 04:13 PM
ජනාධිපතිට කියල වැඩක් නැහැ. එයාගේ උදව්ව නැත්නම් රනිල්ට මේ විදිහට මේ රට විනාශ කරන්න හම්බ වෙන්නේ නැහැ. මහබැංකුවේ ඉඳන් මාධ්‍ය ආයතන දක්වා කොටින්ට ගන්න පුළුවන් වුනේ මේ ජනාධිපති ඒ එකක්වත් නවත්තන්න වැඩ කලේ නැති නිසා. 2017 ACSA එකත් දීර්ඝ කරලා තියෙනවා හොරෙන්. මේ රට අද පාලනය කරන්නේ ඉතිහාසයේ කිසි දවසක නොහිටපු දේශද්‍රෝහී අසිංහල අබෞද්ධ පාලකයෝ දෙන්නෙක්. 2017 වගේ මතක නොර්වේ නැවක් මාස ගානක් තිසී අපේ රට වටා මුහුදේ දත්ත එකතු කළා. මේක දැන ගත්තහම මම ලිව්වා මේකට ඉඩ දෙන්න එපා. හුගක් භයානකයි. නොර්වේ කොටින්ට උදව් කලෙත් උතුරු නැගෙනහිර මුහුද ඔවුන්ට අයිති කරගන්න. අනිත් එක දත්ත විතරක් නෙමෙයි ඕනේ නම් අපේ අනාගත මත්ස්‍ය සංචිතයත් නැති කරලා දාන්න පලුවන් විතරක් නෙමෙයි මේ දත්ත අරගෙන ලංකාවට මත්ස්‍ය තහනමක් වුනත් දාන පුළුවන් කියල. ඒ හින්ද ඔය වැඩේ ඔහොම කරන්න බැහැ. නොර්වේ මැලේසියානු සමාගම ගන්න එක අපිට නවත්තන්න බැහැ. නොර්වේ ඒක ගත්තොත් ඩයලොග් පාරිභෝගිකයෝ සියල්ල අයින් වෙනවා කියල කියන්න ඕනේ සහ එහෙම කරන්න ඕනේ. අපේ ඉඩම්, සම්පත්, ව්‍යාපාර, රාජ්‍ය ආයතන දැනටම අයිති විදේශිකයන්ට ඒ විතරක් නෙමෙයි අනාගත මැතිවරණ පවා ඊළඟට හසුරුවන්නේ ඔවුන්.
Reply : 6 80
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

