පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා ඉදිරියේදී කොමිෂන් සභාවක් පත්කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
එසේම රටේ උන්නතිය වෙනුවෙන් තීරණ ගන්නා රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති සම්පාදය කිරීමට කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.