දේශපාලන තත්ත්වය යහපත් නම් පාර්ලිමේන්තුව කැඳවනවා

පවතින දේශපාලන තත්ත්වය යහපත් වුවොත් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායක කරු ජයසූරිය මහතාට ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් ඊයේ (31දා) සවස පැවැති අතර, එහිදී රටේ පවතින අස්ථාවර තත්ත්වය පිළිබඳ හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වන බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයා හා කථානායකවරයා අතර දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ලබන 05 වැනිදා හෝ 06 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා පසුව ඒ පිළිබඳ දැනුම් දෙන බවට කථානායකවරයාට පවසා තිබේ.
එමෙන්ම නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා කථානායකවරයාද යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වෙයි.
popular news
-
Don Thursday, 01 November 2018 10:26 AM
The whole world is asking him reconvene parliament Why he is wasting time
Reply : 0 0
rocky Thursday, 01 November 2018 12:12 PM
මී හරකා ඕවා ගණන් ගන්නේ නැහැ! පොලොන්නරුව පැත්තේ මී හරක් ඉන්නවනේ !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

