වර්ජන රැල්ල පොහොට්ටුවේ කි‍්‍රයාදාමයක් බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
ඊයේ (6) මාතරදි පැවති හමුවකදි ඔහු මේ බව පැවසිය.
එහිදි තවදුරටත් අදහස් පළකල අමාත්‍යවරයා ,
‘‘ අපගේ දේශපාලන ඉතිහාසයේ පළමු වරට තමන්ගේ අපේක්ෂකයට ඇමතුමක් ලබා දෙන්න සජිව අවස්ථාව ලැබුණා . එතනදි සජිත් පේ‍්‍රමදාස මහත්මයාට අදහස් යෝජනා ජනතාව විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙයට මා සුළු පිරිසකට පැමිණෙන ලෙස දන්වා තිබුණත් අතිවිශාල පිරිසක් ඊයේ පැමිණියා. ඔවුන් සියලූ දෙනාම පොරොන්දු වුණා සජිත් පේ‍්‍රමදාස මහතාගේ දේශපාලන ව්‍යාපාරයට සහයෝගය ලබා දෙනවා කියලා.
නව තාක්ෂණය හරහා කරනු ලැබු මේ ව්‍යාපාරය මැතිවරණයට පමණක් සමා වන්නෙ නැහැ. ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන මෙම ක්‍රමවේදය සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවු පසු දිවයින පුරාම ජනතාවට සම්බන්ධ විය හැකි පරිදි සකස් කරන්න කටයුතු කරනවා. ඒ වගේම අද වනවිට රට පුරා වර්ධන රැල්ලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ජනතාව දන්නවා මේ වර්ජන රැල්ල පසුපස සිටින අවතාවය කවුරුද කියලා. පරාජයේ වියරු වැටුණ පොහොට්ටු කාරයන්.
මේ තරම් වැඩ කරපු ජනතාවට උදවු කරපු තවත් ආණ්ඩුවක් නැහැ. පසුගිය වසර 4 තුළදි වැටුප් 107% කින් වැඩි කරනු ලැබුවා. පසුගිය ජුලි මාසයේ වැටුපට රු 2,500 ක් එකතු කරනු ලැබුවා. ජනවාරි 1 වෙනිදා ජනාධිපතිවරයගේ කොමිසන් වාර්තාවේ නිර්දේශ පරිදි රු 5,000 සිට රු 34,000 දක්වා වැටුප් වැඩි වෙනවා. තවත් වරප්‍රසාද රැසක් ලබාදි තිබෙනවා.
පැවති රජයේ පොරොන්දු වලට පමණක් සිමා වු වැටුප් විෂමතාවයන් අප ඉවත් කර තිබෙනවා. පසුගිය වසර 10 තුළ රණවිරුවන් පෙන්වමින් පවුල් බලය ශක්තිමත් කරන්න කටයුතු කළා. නමුත් රණවිරුවන්ට සැලකුවේ නැහැ. වත්මන් රජය මගින් රණවිරුවන්ට ජිවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා. කමන්ඩෝ බටයෙක්ගේ වැටුපත් දහසේ සිට පන්දහස දක්වා වැඩිකර තිබෙනවා. නිවාස දිමනාව සහ නිළ ඇඳුම් දිමනාවත් වැඩි කරනු ලැබුවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා ප්‍රකාශ කර තිබෙනවා මැතිවරණ නම්කර තිබෙන මොහාතක වර්ජනයක් කිරිමට කිසිදු හැකියාවක් නැහැ කියලා. එම නිසා දේශපාලන අවතාර විසින් සිදුකරනු ලබන වර්ජන තරයේ හෙළා දකිනවා. ’’ යැයි සමරවිර මහතා වැඩිදුරටත් පැවසිය.
