දේශපාලනය අවශ්‍ය උන ගමන් බෞද්ධකම අපේකම මතක් වෙන බවත් එහෙම නැතිව මේ ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට කටයුතු කිරිමට නොහැකි වි ඇත්තේ කුමක් නිසාදැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික් උප්පැන්න විවාහ මරණ රෙජිස්ටාර් සංගමයේ 40 වැනි සංවත්සරයට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ,
“අපි ස්වාභාවික විපත් රත්නපුර දිස්ත්‍රික්කයට විශාල වශයෙන් වුණා. අපි දේශපාලන කුමන්ත්‍රණයකට මුහුණ දුන්නා. ඊටත් වඩා පාස්කු ප්‍රහාරයට සිදු වුණා. ඒ නිසාම අපි අවුරුදු 10 ක් විතර ආපස්සට ගිහින් වැටුණා. අපි රජයේ කටයුතු කිසි දෙයක් නවත්වලා නැහැ. ඉතිං මේ දේශපාලඥනයින් හිතනවා නම් හැම දෙයක්ම වෙන කොට අපි ජාති ආගම් වශයෙන් බෙදිලා අපිට කරන්න පුළුවන් ඉදිරි ගමනක් තියෙනවා කියලා ඒක තමයි කණගාටු දායක දේ.
අපි බෞද්ධකම ගැන කථා කරනවා අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන කථා කරනවා. හැබැයි අපේ කුහකකම ඉරිසියාව වෛරය ක්‍රෝධය නම් තවත් ඉවර නැහැ. මොකද දේශපාලනය අවශ්‍ය උන ගමන් බෞද්ධකම අපේකම මතක් වෙනවා. අපේකම මතක් වෙන්නේ එක වෙලාවකට. එහෙම නැතිව ඇයි මේ හැම ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට කටයුතු කරන්න බැරි.
බලන්න අර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ කී දෙනෙක් ගෙවල් විනාශ කරන්න බලන් හිටියද? රජයක් හැටියට හරි අමාරුවෙන් අපි පාලනය කළේ ඒවා. අපි බෙදෙන්න ඕන වෙලාවල් තියෙනවා.දේශපාලනය අපි ප්‍රතිපත්ති ගරුක ලෙස කරලා අපිට ඇමතිවරුන් හැටියට තියෙන්නේ ප්‍රතිපත්ති හදලා මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරන්න. දැන් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපි මිනිස්සුන්ගේ තනතුරු දේශපාලනය බලලා මාරුවීම් කරලා නැහැ. රජයේ නිලධාරීන් හැටියට වරදක් කරනවා නම් මම දිස්ත්‍රික් ලේකම්තුමියට කථා කරනවා. පක්ෂය මට අදාළ නැහැ. මොකක්ද දේශපාලනය කියලා වැඩක් නැහැ. දේශපාලනය කියන එක හැම කෙනෙකුටම දරන්න පුළුවන්. තමන් විශ්වාස කරන දෙයක් මිස මේක මේ හැම එකටම යොදා ගැනීම තමයි වෙලා තියෙන මහා අපරාධය. මම එතන නැහැ” යනුවෙන් අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසීය.
