Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 15 වන සිකුරාදා
2025 අගෝස්තු මස 15 වන සිකුරාදා
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේම පාරවල් වසාතබමින් ගමන් කරන ප්රභූන්ට ජනතාවගෙන් එල්ලවී ඇති විරෝධයෙන් ජනතාව සිටින පීඩනය පෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
අද (23දා) බත්තරමුල්ල නෙලූම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ ක්රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“වරෙක 225ම එපා කියනවා. තවත් වරෙක දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි කියනවා. මේ විදියට ජනතාව ගොනාට ඇන්දවිමට සමහර පුද්ගලයින් කටයුතු කරනවා. මේ අය තමන්ද කරන්නේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව වසන් කරනවා.
බටහිර න්‍යාය පත්රවලට අනුව මේ කණ්ඩායම් තෝරා ගන්න පුද්ගලයාත් අවසානයේදී දේශපාලනයේම නිරත වෙන බව ජනතාවට වසන් කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තවත් අගාධයකට තල්ලූ කිරීමයි.
ළඟදි පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේලියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පළ කළා. ඒ විරෝධය සංවිධානය වෙලාකරපු දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ.”
popular news
Champa Thursday, 23 May 2019 07:50 PM
අවුරුදු 71ක් තිස්සේ දේශපාලකයෝම තෝරලා රටට වෙච්ච සුගතිය මොකක්ද? රට සංවර්ධනය වෙනවා කියන්නේ අලුත් පාරවල් හෝ ගොඩනැගිලි හදන එකවත් ආයෝජකයෝ කියල වරායවල් ගුවන් තොටුපොළවල් දේශීය ව්‍යාපාර විදේශිකයන්ට විකුණන එකවත් නෙමෙයි. අනික මේ රටේ අවුරුදු 71ක් තිස්සේ වුනේ මොකක්ද? යූඑන්පී ආණ්ඩු එන එන ගානේ රටේ සම්පත් පෞද්ගලිකරණය කෙරුව. ශ්‍රී ලංකා ආණ්ඩු එන එන ගානේ කලින් යූඑන්පී ආණ්ඩු පෞද්ගලිකරණය කරපුව නැවත මිලට අරන් ජනසතු කළා. අවුරුදු 71ක් තිස්සේ කලේ මේක. නිකරුනේ එකම දේට දෙපාරක් මුදල් වියදම් කළා. රටෙන් 90%ක් ජීවත් වෙන්නේ මාසික වැටුපෙන් වැටුපට. සුළු දෛනික වැටුපට. ණය බරින් වැටිලා. රටට ඕනේ අලුත් මගක්. ඒ නිසා සහ වෙනත් බොහෝ ආසන්න හේතු නිසා දේශපාලකයෙක් නොවෙන මිනිහෙක් ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ කියන තැනට මිනිස්සුන්ව තල්ලු කලෙත් දේශපාලකයෝමයි. නමුත් මිනිස්සු මෝඩ තීරණ ගන්නේ නැහැ. ඒ කියන්නේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කියනව වගේ වැස්සට මතුවෙන කූඩැල්ලන්ගෙන් කෙනෙක් ජනාධිපති වෙන්නේ නැහැ. කොටින්ම කැසිනෝකාරයෙක් රටේ ජනාධිපති වෙන්නේ නැහැ. වැඩිම වුනොත් චන්ද 1%-5%ක් ලැබෙයි. හැබයි මිනිස්සු ආපසු හැරෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපති දේශපාලකයෙක් නෙමෙයි.
Reply : 0 0
රජින්ද Thursday, 23 May 2019 09:48 PM
මහත්තයෝ, මම ලාංකිකයෙක් දරන්නේ දේශප්‍රේමී මතයක් මට කිසිදු බටහිර න්‍යාය පත්‍රයක් නැහැ. ඔබලා විසින් මේ රටේ එක ප්‍රශ්නයක් විසදමින් තවත් ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ දී බල තිබීම මතයි ඔබලාට මාගේ විරුද්ධත්වය. 2005 මම නියෝජනය කලේ ඔබවයි. 2010 දීත් මම නියෝජනය කලේ ඔබවයි. 2015දි මට නියෝජනයක් නැහැ. එහෙත් මේ දේශපාලන මාෆියාව විසින් මේ රට අන්ත අගාධයකට ඇද දමල.එහෙමයි කියලා ධම්මිකලා, චම්පිකලා, සිරිසේනලා, අනුරලා, රනිල්ලා, සජිත්ලා, නාගානන්දලා, ගෝඨා වැනි කිසිදු චරිතයක් උලුප්පන්නේ නැහැ. ජාතිය සහ ආගම ගැන අවංක කැපවීමක් ඇති නායකයෙක් අන්තිම මොහොතේ හෝ ඉස්මතු වේයැයි බලාපොරොත්තු දල්වා සිටිනවා. කරන්න දෙයක් නැහැ. කිසිදු දෙස්පාලුවෙක් විශ්වාස නැහැ.
Reply : 0 0
chathuri Friday, 24 May 2019 03:06 AM
දැන් ඇල් වතුරත් නිමලා නේද බොන්නේ . තමන්ගේ යමපලනය ජනතාවට තවම මතකයි අයියල ,මල්ලිලලට අමතක. වුනාට. ජනතාව එදා ජිවත් වුනෙත් අපහසුතාවෙන් ,හිතේ බයෙන් දැන් විතරක් නෙමේ දරුවෝ පාරවල් වහගෙන රේස්. පැද්ද අමතකද . දැන් මල් වට්ටිය අරන්. වඩින්නේ බබා වගේ , හරි අහිංසකයි කියලා හිතන් ඇති , රණවිරුවෝ ජිවිත පුජා කර බේරාගත් රට මුස්ලිම් අන්ත වාදීන්ට බාරදීලා. දැන් රජයට බනිනවා. අද. මේ දේ. ඇමරිකාවේ වුනානම් දත් නැතිව බත් කන්න තිබුණා , මරු දේශ ප්‍රේමින් අත යට ගනුදෙනු වලටනම් හරිම. දක්ෂයි , දෙයක් තේරුම් ගන්න බැරි වුනාට
Reply : 0 0
Lion Friday, 24 May 2019 03:12 AM
ඔබල nickma yaa uthu kalaya pamina atha.Eya janathawage තීරණයි .Oba athulu siyalu denama මේ රට සුරා ka vinashayata පත් Kota hamaraya.ඔබගේ රංග Pam දකින අපට ඇත්තේ කලකිරීමකි .
Reply : 0 0
ලංකාපුත්‍ර Friday, 24 May 2019 05:14 AM
1948 සිටම මේරටේ පාලකයින් වුනේ විවිධ දේශපාලන පක්ෂවල අයනේ.එදාසිටම එක්එක් පක්ෂ අටවමින් තමාගැනම සිතූ දේශපාලුවන් මිස රටට සේවයක් ආදරයක් කල කිසිවෙක්ම නැතිතරම්.මෙනිසා රටේ පවතින පක්ෂක්‍රමය හොඳටම කුණුවෙලා ඉහඳපනුවන් පිරිල.මේනිසා රටට අවශ්‍ය පක්ෂ දේශපාලනයට පිටින් නිවැරදි තීරණ ගැනීමට දක්ෂ රටට ආදරය කරන නායකයෙක් මිස පක්ෂය කර තබාගත් දේශපාලුවෙක් නොවේ
Reply : 0 0
Koralage Friday, 24 May 2019 06:37 AM
හිටපු ජනාධිපති තුමා ඔය දෙවෙනි රථ විරෝදයටත් එහා ගිය විරොදයක් තමා 225 ගැනත් තියෙන්නේ එක තේරුම් ගන්න චන්ද ප්‍රතිපලයක් බලන්නම වෙනවා . චන්දයක අවසාන තීරණය වෙන්නේ පාවෙන චන්ද බව අමතක කරපු හැම දෙස්පාලකයෙක්ම පැරදුනා ඔබත් ඇතුළුව.
Reply : 0 1
rocky Friday, 24 May 2019 07:17 AM
හොඳම නායකයා වශයෙන් තෝරා ගැනීමට මාකඳුරේ මදුෂ්ට සුදුසුකම් තියනවා නේද? ලොකු පක්ස දෙකේම දේශපාලුවන්ට වියදම් කලාලු නේ. ඒ නිසා පක්ස දෙකේම නායකත්වයට හොඳයි. ඒ ඇරත් සුපිරි විහාරස්ථානයක් මුළුමනින්ම ඉදිකර දුන්නා කියන නිසා අපේ සංඝ රත්නයේ සපෝට් එකත් ලැබේවි. සිංහල බවුද්ධ අපේ අරමුණ නිවන් සැප ලබා ගැනීම නිසා ඒකත් ඉක්මනින්ම ඉටු කර ගන්න කවුද අකමැති වෙන්නේ? නිතරඟයෙන් ඔහුව පත් කර ගනිමු!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd