දේවාලයට පැන මුදල් සොරා ගෙන ගිය හැටි
අද (25) පාන්දර හතරට පමණ මහනුවර ගාල්තැන්න ශ්රී භදකාලි අම්මන් දේවාලයට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එහි දේවගැතිවරයා හා සේවකයින් බැඳ දමා දේවාලය සතුව තිබූ රත්තරන් කිලෝ අටක්, මුදල් ලක්ෂ විස්සක් හා මැණික් පැහැර ගෙන ගොස් ඇත.
මෙම සියල්ලේම වටිනාකම කෝටි අටකට වඩා වැඩි බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වෙමින් පවතී.
දිවයිනේ සෑම දෙසින්ම බැතිමතුන් පැමිණෙන ලංකාවේ ඇති ප්රමුඛතම දේවාලයක් වන මෙහි අද දින පාන්දර තේවාව සදහා සූදානම් වීමට දේවගැති වරයා හා සේවකයින් සුදානම් වන අවස්ථා වේ මෙම මංකොල්ලය සිදුවි ඇත.
කොල්ලකරුවන් අට දෙනෙකු පමණ මෙම මංකොල්ලය සම්බන්ධ බවට පොලීසිය සැකකරනු ලබයි.
දේවාලය වටා ඇති විශාල ආරක්ෂක බැම්මෙන් කඹයක් ආධාරයෙන් දේවාලය තුළට බැස ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්රිෂාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක විජේකෝන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත .

popular news
-
rocky Wednesday, 25 September 2019 06:16 PM
ඔය ජල්බරිය අස්සේ දෙය්යෝ කොහෙද හිටියේ? හොරුන්ට දේවාශීර්වාද ලැබේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

