දෙවැනි ප්‍රහාරයක් ගැන අත්පත්‍රිකා බෙදූ අයෙක් අත්අඩංගුවට
ත්රස්තවාදීන්ගේ දෙවැනි ප්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවත් සඳහන් අත්පත්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පනස්හතර හැවිරිදි වියේ පුද්ගලයෙක් 25දා සවස රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
රත්නපුර කැටලියන්පල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම තැනැත්තා වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයෙක් බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් තැනැත්තා විසින් බෙදා හරින ලද අත්පත්රිකාවල අඩංගු කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට පත් තැනැත්තා මෙම පත්‍රිකාවෙන් පෙන්වා දෙන කරුණු ඔහුට දැනගැනීමට ලැබුණු ආකාරය ගැන පොලීසියේ අවධානය යොමුව තිබේ.
අජිතලාල් ශාන්ත උදය

popular news
-
Champa Sunday, 26 May 2019 11:21 AM
අප්‍රේල් 21 ඇති වෙච්ච මහා කම්පනයෙන් මිදිලා මිනිස්සු සාමාන්‍ය තත්වෙට එන්න හදන කොටම මැයි 13 බෝම්බ පුපුරනවා කියල ප්‍රචාරයක් යැව්වා. ඊළඟට මැයි 13 කෘත්‍රිම ජාතිවාදී ගැටුමක් ඇති කරලා වෙසක් කඩාකප්පල් කළා. දැන් ඊළඟට කඩා කප්පල් කරන්න හදන්නේ පොසොන් උත්සවය. දැන් නැවතත් දෙවන ප්‍රහාරයක් එනවා කියනව. හැබැයි මැයි 13 වගේම එන්නේ තව ජාතිවාදී ගැටුමක් වෙන්නත් පුළුවන්. ඒ මොකොද අසාද් සාලි කියනව පල්ලි චෙක් කරන එක නවත්තන්නලු. මේ රටේ හැම ගොඩනැගිල්ලක්ම රටේ නීතියට යටත්. ඒක පල්ලියක්ද ඉස්කොලයක්ද උසාවියක්ද කියන එක අදාළ නැහැ. මැයි 13 එක දවසට දෙකට මුස්ලිම් ගෙවල් පල්ලි අරක මේක 500ක් කඩලා හෝ ගිනි තියලලු. මෙහෙම වෙන්න පුලුදන්ද? දැන් වන්දි ගැන කතා කරනවා. මේ හැම තැනකම CCTV කැමරා තියෙන්න ඇතිනේ. ඒවයේ footage පොලිසිය ඉල්ලන්න ඕනේ. ඒවා වහල තිබ්බ නම් හරි දුන්නේ නැත්නම් හරි ඒ කියන්නේ ඔවුන්ම තමයි හානි කරගෙන තියෙන්නේ. අනික පැස්ට ෆැක්ටරියක් වගේ එකකට එක පාරට ගහන්න පුලුවන්ද? වේලාසන ඉඳන් සැලසුම් කරගෙන ඉඳල තියෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

