දෙමළ මුස්ලිම් ජනතාව මේ රටට ආදරය කරන ජනතාවක් - රාධාක්‍රිෂ්ණන්
මෙවර ජනාධිපති මැතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ජනතාව බෞද්ධ අපේක්ෂකයින්ට තම ඡන්දය දී ඇති බවත්, හිස්බුල්ලාට හෝ සිවාජිලිංගම්ට මොවුන් ඡන්දය දී නොමැති බවත්, එම ජනතාව ජාතිවාදීන් නොවන බවත් විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, කඳුරට ජනතා පෙරමුණේ නායක, දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බැව් පැවසුවේ, කොළඹ විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශයේදී ඊයේ (19) දාපැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය,
“ මැතිවරණය පැවති දවසේ හා මැතිවරණයට පසු දින දෙමළ ජනතාවට පහර දී තිබෙනවා. මෙම තත්ත්වය රටට අලුතෙන් පත්වූ ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට හොඳ නැති දෙයක්. එම නිසා මේ සම්බන්ධව සොයා බලා ආණ්ඩුව අහිංසක ජනතාවට ආරක්ෂාව ලබා දිය යුතුයි. එමෙන්ම දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. දෙමළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව ජාතිවාදීන් නොවේ. ඒ අය ඡන්දය දි තිබෙන්නේ මේ රටේ බෞද්ධ ජනාධිපති අපේක්ෂකයින්ටයි. මුස්ලිම් හෝ දෙමළ ජනතාව සිතා තිබුණා නම් සිවාජිලිංගම්ට හෝ හිස්බුල්ලාට තම ඡන්දය දෙන්න තිබුණා. ඒ අය ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ සිංහල, බෞද්ධ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි. මෙය ලංකාවේ සිංහල ජනතාව සිතා බැලිය යුතයි. දෙමළ මුස්ලිම් ජනතාව මේ රටට ආදරය කරන ජනතාවක්.
ඡන්දය දවසේ (16) දැරණියගල, නූරිය තේ වතුයායේ හා යටියන්තොට, ගනේපල්ල වත්තේ, උඩ කොටසේ ඇතිවූ සිද්ධීන් මා හෙළා දකිනවා. නව ජනාධිපතිවරයාගේ නමට මෙය අපකීර්තියක්. මින් පසුව දෙමළ, මුස්ලිම් ජනතාවගේ හිත දිනාගෙන ඡන්දය දිනා ගැනිමට කටයුතු කළ යුතුයි කියා මා ඉල්ලා සිටිනවා. එළඹෙන මහ මැතිවරණය හා පළාත් සභා මැතිවරණයේදී දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා දැන් සිටම කටයුතු කළ යුතුයි. මා සිතනවා ජාතික නායකයින් මෙවැනි සිද්ධින් අනුමත කරන්නේ නෑ කියලා. මෙවැනි සිදුවීම් නැවත සිදු නොවෙනු ඇතැයි මා සිතනවා” යනුවෙන් ඔහු පැවසීය.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර

popular news
-
කපිල Wednesday, 20 November 2019 02:25 PM
එතකොට සජිත්ට විතරක් දුන්නේ අයි. එයා විතර විතරද සිංහල?.
Reply : 0 0
Deepal Nirosh Wednesday, 20 November 2019 02:38 PM
ඉතින් හිස්බුල්ලාට හෝ සිවාජිලිංගම්ට ඡන්දය දෙන්න කියල ඔයාල ජනතාවට කිවිවෙ නැහැනෙ? කිව්වෙ දකුණේ සිංහලයා පරදන්න සජිත්ට ඡන්දය දෙන්න කියලනේ. ජනතාව ඔබතුමාල කියපු දේ කළා. ඒහෙම නැතුව ජාතිවාදීව ඡන්දය භාවිතා කළේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

