දෙදෙනෙකුට වෙඩි තැබු SB ගේ ආරක්ෂකයින් රිමාන්ඩ්
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කරේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය මගින් අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පොකො ජානක ප්‍රේමසිරි , පොකො දුමින්ද ලක්මාල් යන නිලධාරින් දෙදෙනායි.
අදාළ සැකකරුවන් දෙදෙනා 11 දින හඳුනාගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ගිනිගත්හේන පොලීසිය මගින් සැකකරුවන් දෙදෙනා සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්රාත්වරයාගේ නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
