දෙකෝටියක රන් රේගුවේදී අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් (2,60,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ (28දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.
මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන සීමා වල පසුවන සිංගප්පූරු ජාතික යුවළක් වන අතර , ඔවුන් එරට ප්‍රධාන පෙළේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවන් වේ. මේ වසරේ , මේ වනවිට පමණක් මොවුන් දෙදෙනා හය වතාවක් පමණ , ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවට රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වල දී අනාවරණය කර ගෙන තිබේ.
මොවුන් ඇඳ සිටි කලිසම් වල සාක්කු වල සහ ඒවාට යටින් , තම සිරුරු වල ද , මෙම කිලෝ ග්රැම් 04 යි ග්රැම් 850 ක් බර ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
