දූෂණය ගැන කළු පැල්ලම් පසුගිය වසර තුනේදී නෑ
ගොවි ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් වාරි ක්ෂේත්රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසයි.
රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙළේදී ගොවි ආර්ථිකය නඟා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප්රමුඛත්වයක් ලබා දෙන්නේ මේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා යැයිද ජනාධිපවරයා පැවැසීය.
මෙම 24 වනදා දියත් කිරීමට නියමිත එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ වයඹ ඇළ දෙවැනි අදියර වැඩ ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (21දා) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ය.
කෘෂිකාර්මික රටක් වුව ද ගොවි ආර්ථික නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප්රමුඛත්වයක් හිමි නොවීම තුළින් ගොවි ජනතාවගේ ගැටලුවට විසඳුම් හිමි නොවූ බවද ජනපතිවරයා සඳහන් කළේය.
කෘෂි ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවත් එම ආයෝජන කිසිසේත් රටට ණය බරක් ඇති නොකරන බව ද ඔහු කියා සිටියේය.
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සමග නිරන්තරයෙන් අත්වැල් බැඳගන්නා වංචා දූෂණ පිළිබ කළු පැල්ලම් වත්මන් රජයේ තෙවසරක සංවර්ධන වැඩපිළිවෙළ තුළ දක්නට නොලැබුණු බව ජනපතිවරයා පැවැසීය.

popular news
-
Champa Wednesday, 22 August 2018 05:59 PM
මේ මොකක්ද මේ? කෘෂිකර්මාන්තයටත් විදේශ ආයෝජන? මත්ස්‍ය කර්මාන්තයටත් විදේශ ආයෝජන? මේක දෙක විතරයි වහල් ආණ්ඩුවෙන් බේරිලා තිබුනේ. මේවා ආයෝජන නෙමෙයි. ආයෝජනය කියන්නේ අලුත් ව්‍යපෘති රටට හඳුන්වා දීම මිසක් අපේ මිනිස්සුන්ගේ කර්මාන්ත විදේශිකයන්ට දෙන එක නෙමේ. මේ ආණ්ඩුව අද වෙනකම් එක ආයෝජනයක් කරලා නැහැ. කලේ අපේ දේශීය කර්මාන්ත ටික විදේශිකයන්ට දීපු එක. නෙද්දකින්. මෙහෙම වහල් ආණ්ඩුවක්. ඕනේ රටක් දන්නවා සල්ලි දුන්න ගමන් මේ රටේ ඕනේ ඉඩමක් ඕනේ කර්මාන්තයක් උන්ට අයිති කරගන්න පුළුවන් කියලා. ආණ්ඩුවක් වුනහම තමන්ගේ දේශීය කර්මාන්ත රැක ගන්න ඕනේ. ජනාධ්පතියි අගමැතියි දෙන්නම කරන්නේ තරඟෙට විදේශිකයන්ට රට විකුනන එක. රනිල් රටේ සම්පත් ටික විදේශිකයන්ට විකුනනවා. මෛත්‍රී රටේ කර්මාන්ත ටික විදේශිකයන්ට විකුනනවා. ඊළඟට කියනවා මිනිස්සු ස්වභාෂාවෙන් බනිනවා කියලා. නොබැන ඉඳියිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

