දුම්රිය වැඩවර්ජනයේ නියුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන් වෙත දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (07දා) දිනයේදී අවසන් නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් දුම්රිය වර්ජනයේ නියුතු සියලු සේවකයන් අද මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සේවයට වාර්තා කරන ලෙස සාමාන්‍යාධිකාරීවරයා එමගින් දැනුම්දී තිබේ.
ඒ අනුව සියලු දුම්රිය සේවකයන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කරනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තීය සමිති ඊයේ උදෑසන සාකච්ඡාවක්ද පැවැත්විණි.