ලබන සඳුදා වන විට දුම්රිය වැඩවර්ජනය නතර නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදු වන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
අද (26) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.
දුම්රිය වර්ජනය හේතුවෙන් මහජනතාවට ඇති විය හැකි පීඩාව වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංගම සහ පෞද්ගලික බස්රථ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ධාවනයට යොදවන බවද පැවැසීය.
“ වැටුප් සමාලෝචනය කිරීමට ජනාපති විසින් රනුක්ගේ කමිටුව පත් කළා. ඒ කමිටුවේ නිර්දේශවලට හැමෝම එකඟ වුණා. ඒ අනුව එම වැටුප් වැඩි වීම ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ කටයුතු යොදා තිබෙනවා. එසේ තිබියදීත් දැන් මේ වෘත්තීය සමිති එම වැටුප් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන්නැයි බල කරනවා. එය අසාධාරණ ඉල්ලීමක්.
අද මේ දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හෝ අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරුන් ලෙස අපට හෝ ලිඛිතව දැනුම් දී නැහැ. ඇයි මේ වර්ජනය කරන්නේ කියලා වත් දැනුම් දීලා නැහැ. ඔවුන් වර්ජනය ගැන දැනුම් දීලා තියෙන්නේ මාධ්‍යයට. අපිට දැනුම් දීලා නැහැ. එහෙම කරන්න පුළුවන්ද වෘත්තීය සමිතියකට. සදාචාරයක් නැතිද මේ වෘත්තීය සමිතිවලට. මේක සම්පූර්ණයෙන්ම අසාධාරණ වැඩවර්ජනයක්.
මම වගකීමෙන් කියන්නේ මේ වැඩි වැටුප් ඉල්ලලා වර්ජනය කරන දුම්රිය රියදුරෙක් අතිකාල සමඟ ලක්ෂ තුනකට වඩා වැටුපක් ගන්නවා. දුම්රිය නියාමකයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකහමාරකට වඩා වැඩි වැටුපක් ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අතිකාල සමඟ ලක්ෂ 02ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක වැටුපක් ගන්නවා. එහෙම වැඩි වැටුපක් ගන්න අය තමයි අද අසාධාරණ විදියට වැඩවර්ජනය කරලා මහජනතාව අපහසුතාවට පත් කරන්නේ.
මේ මොහොතේ දුම්රිය වර්ජනය මෙහෙයවන්නේ සුළු පිරිසක්. ඔවුන් බලහත්කාරයෙන් සෙසු අය වර්ජනයට එක් කර ගන්නවා. ඔවුන් ඊයේ වර්ජනය කළේ නැහැ. මාසේ පඩිය අරගෙන දැන් වර්ජනය කරනවා. වැඩවර්ජන කරන අතරතුරු කිසිම සාකච්ඡාවක් අපි දෙන්නේ නැහැ. සාකච්ඡාවක් ඕන නම් වැඩවර්ජනය නතර කරලා එන්න. ඒ වගේම ලබන සඳුදා වෙනකම් අපි බලනවා. සදුදා වන විට මේ වැඩවර්ජනය නතර නොකළොත් ගත හැකි හැම දැඩි ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා”
