දුම්රිය,අධ්‍යාපන,සෞඛ්‍ය ,කම්කරු යන ක්ෂේත්රයන්හි ගැටලු ගැන ජනපතිගේ අවධානය
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ කම්කරු ක්ෂේත්‍ර ඇතුළු රාජ්‍ය අංශයේ සියලූ ක්ෂේත්රවල පවතින ගැටලූ මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.
එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නියුතු 2016 ජනවාරි 01 වන දිනෙන් පසු පත්වීම් ලැබු පිරිසට විශ්‍රාම වැටුප් අයිතිය අහිමි වීම පිළිබඳ ගැටලූව, රාජ්‍ය සේවයේ දින 180 වට වඩා සේවය කර ඇති අනියම් / ආදේශක සහ තාවකාලික සේවකයන් ස්ථිර කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම සහ රාජ්‍ය සේවකයින්ට දෙවන භාෂා කඩඉම් පරික්ෂණය සමත්වීම පිළිබඳ විභාගයේ දී පොදු නීතියක් කි‍්‍රයාත්මක කිරීම ආදිය පිළිබඳව ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.
ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙම ගැටලූ සඳහා විසදුම් ලබාදීමට සිදුකළ හැකි උපරිම මැදිහත්වීම තමා සිදු කරන බවයි.
සෑම වෘත්තීය සමිතියකටම ඇති ගැටලූ ඊට අදාළ අදහස් සහ යෝජනා ලිඛිතව කඩිනමින් තමන් වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒවා අදාළ අමාත්‍යාංශ වෙත යොමු කර ඉදිරි පියවර සොයා බලන බව ද ප්‍රකාශ කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Don Wednesday, 05 June 2019 09:28 PM
මෙයා කියන්නේ බොරු, අයෙත් ජනාධිපති කම ගන්න පුළුවන් වෙර දානවා, තිරුපති එහෙම ගිහින් බාරවෙලා ඇවිත්.
Reply : 0 0
Sarath Thursday, 06 June 2019 12:33 PM
හා හා හා....චන්දෙට වැඩ පටන් අරන්ද? මෙච්චර කාලයක් වගේ වගක් නැතුව ඉඳල මෙන්න වැඩ පටන් අරන්. ප්‍රමාද වැඩිද මන්ද???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

