ආරක්ෂක වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ දුම්රිය මඟින් පාර්සල් ප්රවාහනය කිරීමේ කටයුතු ජුනි මස 01 වනදා සිට යළි ආරම්භ කරිමට තිරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පාර්සල් භාරගන්නා දුම්රිය ස්ථානයන්හි ඒවා පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පැවැති තත්ත්වයත් සමඟ තාවකාලිකව වසාදමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පල යළි හෙට සිට කාර්යාලය දුම්රියන් සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇත.
