වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (07දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.
මෙහි දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්රියාමාර්ග ගැනීම සියලු වෘත්තිකයන්ගේ වගකීම බවයි.
වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළබඳ සලකා බලමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම මැදහත්වීම සිදුකරන බව ද කියා සිටියේ ය.
ඕනෑම ගැටලුවකට සාකච්ඡා මඟින් විසදුම් ලබාගත හැකි අතර කිසිඳු අවස්ථාවක පොදු මහ ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවද ජනපතිවරයා සඳහන් කර තිබේ.
