දීමනා ඉල්ලා වතු සංවර්ධන නිලධාරීන් වර්ජනයේ
තමන්ගේ ජූනි මස වැටුපට අදාළව වෛද්‍ය දීමනා හා අතිකාල දීමනා ආදි අමතර දීමනා නොලැබීම නිසා මහනුවර හා හඟුරන්කෙත ප්‍රදේශවල ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතු අටක එකසිය පනහක් පමණ වන කාර්ය මණ්ඩලය අද දින (27) වැඩ වර්ජනයක් දියත් කොට ඇත.
ඒ අනුව හන්තාන ලෙවලන් බෝපිටිය ග්‍රේට්වැලි රහතුන්ගොඩ රොක්වුඩ් ලූල්කදුර දෙල්තොට යන තේ වතු අටක සේවයේ නියුතු ලිපිකරු රියදුරු ළමා සංවර්ධන නිලධාරින් කේෂත්ර නිලධාරින් කර්මාන්තශාලාවල නිලධාරින් ආදි කාර්ය මණ්ඩල අයත් සේවකයින් කිසිවෙක් අද දින රාජකාරියට වාර්තා කොට නොතිබුණි.
වතු අධිකාරිවරු හා වතු කම්කරුවන් සුපුරුදු පරදි රාජකාරියට වාර්තා කළද වර්ජනය හේතුවෙන් වතුවල කාර්යාලවල පරිපාලන වැඩ අඩාල වී ඇත.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය මඟින් මෙම මසට අදාළ වැටුප ඔවුනට ලබා දී ඇති අතර දීමනා රහිතව අදාළ වැටුප ලබා ගැනීම මෙම නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඔවුන් රාජකාරියට වාර්තා නොකලද තේ වතුවල සමාන්‍ය රාජකාරි සුපුරුදු පරිදි සිදුවන බව වතු අධිකාරිවරුන් ප්‍රකාශ කර සිටි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

