දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩවීමක් හෙට (30දා) සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුර, වයඹ, සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 තද වර්ෂාපතනයක්ද, දකුණු, ඌව හා උතුරු මැද පළාත්වලත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.
අද පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට(30දා) පස්වරු 2.30 දක්වා වංගු වෙයි.