දියතලාව මිනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය ‘වරලත් විශ්වවිද්‍යාලයක්‘ කිරීමේ තීරණයක්
ඓතිහාසික වටිනාකමකින් යුත් දියතලාව මිනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය කඩිනමින් ‘වරලත් විශ්වවිද්‍යාලයක්‘ බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය අංශය සතු ආයතන පූර්ණ අධීක්ෂණයකට ලක් කිරීම රජය විසින් මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ආයතනය මෙලෙස ‘වරලත් විශ්වවිද්‍යාලයක්‘ බවට පත් කිරීමට තීරණය වී ඇත.
දියතලාව පිහිටි එම ආයතනයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක නිරත වෙමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, විශ්විවද්‍යාල වරම් නොලබන දරුවන් සඳහා සති අන්තයේ සහ සතියේ සවස් භාගයන්හිදී අධ්‍යයන කටයුතු කිරීම සඳහා විවිධ පාඨමාලාද එම ආයතනයේ ආරම්භ කළ හැකි වන බවයි.

-
Mahinda Bandara Sunday, 05 January 2020 09:05 PM
උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ ඉතාම හොඳ තීරණයක්. ශ්‍රී ලංකා මිනිදෝරු දෙපාර්තමේන්තුවට හදවතින්ම සුබ පැතුම්. බණ්ඩාර
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

